හෙලිකොප්ටරය නග්ගපු ගමන් බිමට පතබෑවෙන ලකුණු | Freedom People's Alliance - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 15, 2023

හෙලිකොප්ටරය නග්ගපු ගමන් බිමට පතබෑවෙන ලකුණු | Freedom People's Alliance

හෙලිකොප්ටරය නග්ගපු ගමන් බිමට පතබෑවෙන ලකුණු

දේශපාලන පක්ෂ කිහිපයක එකතුවෙන් පසුගිය එකොළොස් වැනි දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පිහිටුවන ලද ‘නිදහස් ජනතා සන්ධානය’ නැමති පක්ෂය මේවන විට යම් ගැටළු කාරී තතිවයකට පත්ව ඇති බව වාර්තාවෙයි.

එළඹෙන පළාත් පාලන ඡන්ද විමසීමේදී එම සන්ධානය තරග කිරීමට සූදානමින් පසුවන අතර ඒ සඳහා විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය ඇතුළු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 10ක් එක්ව සිටී.නමුත් මේ වනවිට ඔවුන්ට පලාත් පාලන මැතිවරණයට අපේක්ෂක ලයිස්තු සකස් කිරීමේදී ගැටළු පැන නගී ඇති බවද වාර්තතාවෙයි

විශේෂයෙන්ම විමල් වීරවංශ උදය ගම්මන්පිල වාසුදේව නානායක්කාර අනුර ප්‍රියදර්ශන යාපා ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන්ට මෙම ගැටළුව උද්ගතවී ඇත.

මොවුන් සමග සිටි පලාත් පාලන මන්ත්‍රීවරුන් බොහෝදෙනෙකු ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ,එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබවේගයෙන් අපේක්ෂකත්වය ඉල්ලා ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.මෙම සන්ධානයේ තේමාව වන්නේ "බලය අල්ලමු" යන්නයි.

හෙලිකොප්ටරයෙන් අත මැතිවරණයට තනිවම..?

මේ අතර ‘ජනතා නිදහස් සන්ධානයෙන්’ ඉවත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා කරමින් ඇති බව වාර්තාවේ.

ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී වෙනම තරග කිරීමට එම පක්ෂය සූදානම් වෙමින් සිටී.

නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන්ට අවස්ථාව නොලැබීම හා එම සන්ධානයේ ඇතැම් මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් පාක්ෂිකයන්ගෙන් එල්ලවී ඇති විරෝධය ඇතුළු කරුණු මත ශ‍්‍රීලනිපය මෙම තීරණය ගැනීමට යයි.

මේ පිලිබද තීරණාත්මක සාකච්චාවක් හෙට දිනයේ පැවැත්වීමට නියමිත බවත් වාර්තා වෙයි.







No comments:

Post a Comment

Post Bottom Ad