සල්ලි නෑ... ඡන්දෙට තෙල් දෙන්න විදිහක් නෑ - Ceypetco මැතිවරණ කොමිසමට දන්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 18, 2023

සල්ලි නෑ... ඡන්දෙට තෙල් දෙන්න විදිහක් නෑ - Ceypetco මැතිවරණ කොමිසමට දන්වයි

මැතිවරණ රාජකාරිවල යෙදෙන වාහන වලට ඉන්ධන කෝටාව වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වී තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා මෙම සාකච්චාව පැවැත්වී ඇත.

එහිදී නිලධාරීන් මැතිවරණ කොමිසම දැනුම් දී ඇත්තේ මේ අවස්ථාවේදී ඉන්ධන කෝටාව වැඩිකිරීමේ හැක්කේ හැකියාවක් කිසිසේත්ම නැති බවයි.

මැතිවරණ කොමිසමට අවශ්‍ය ප‍්‍රමාණයට ඉන්ධන ලබා දීමට නොහැකි බවත් මේ මොහොතේ
වැඩිපුර තෙල් ආනයනයට තෙල් සංස්ථාව සතුව මුදල් නැති බවත් එනිසා තමන්ට එම ඉල්ලීම ඉටු කල නොමැකි බවත් කොමිසමට දැනුම් දුන් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සඳහන් කළේය.

මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩිකිරීමට ඉල්ලීම් ලැබී තිබුණ ද ඊටද අනුමැතිය ලබාදීමට නොහැකි බව ඔහු පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad