අවුරුද්දට නෙළුව අත්තම්ගේ ගෙදර ආපු පොඩි එකෙක් ආ ගිය අතක් නැතිව අතුරුදහන්… - විගස පුවත් - Vigasapuwath

Saturday, April 15, 2023

අවුරුද්දට නෙළුව අත්තම්ගේ ගෙදර ආපු පොඩි එකෙක් ආ ගිය අතක් නැතිව අතුරුදහන්…

අලුත් අවුරුද්දට තම දෙමව්පියන් සමග පාමංකඩ, සුදුවැල්ලාව , නෙළුව  ප්‍රදේශයේ පිහිටි  තම  ආත්තම්මාගේ නිවසට පැමිණි  වයස අවුරුදු 02ක් හා මාස 06ක් වියැති දරුවකු අතුරුදහන් වි ඇති බව නෙළුව පොලිසිය පවසයි. මෙසේ අතුරුදහන් වි ඇත්තේ කැකුළුන්දල ලියනගේ, දොන් නිවෙන් දෙව්මිර නැමති දරුවෙකි. 

මෙම දරුවා තම දෙමව්පියන් සමග  අලුත්ගම, දර්ගානගරයේ සිට  අලුත් අවුරුද්දට සිය ආත්තම්මාගේ නිවසට පැමිණ ඇත. දරුවා සිය බිරිදගේ නිවසේ සිටියදි අතුරුදහන් වි ඇති බවට දරුවාගේ පියා විසින් නෙළුව පොලිසියට පැමිණිලිකොට ඇත.

පසුව පොලිසිය සහ ගම්වාසින් එක්ව  දරුවා සිටි  නිවස ඉදිරිපිටින් ගලා යන  රංකැට ඇළට දරුවා වැටි  සිටිදැයි කියා සොයා ඇති අතර  මෙම දරුවා නෙළුව කිනියාවල  මාර්ගයේ ගමන් කරමින් සිටි බව මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සදහන් කොට ඇත. 

පොලිසිය පවසන්නේ අතුරුදහන් වු  දරුවා පිළිබද කිසිදු තොරතුරක් ලැබි නොමැති බවයි. අතුරුදහන් වු දරුවා සොයා නෙළුව පොලිසිය පරික්ෂණ පවත්වයි.
-ලලිත් චාමින්ද
-lankasara

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *