සුදු වෑන් රථයකින් දප්පුලගේ කාර්යාලයේ ලිපි ගොනු පැහැර ගනී… - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 11, 2023

සුදු වෑන් රථයකින් දප්පුලගේ කාර්යාලයේ ලිපි ගොනු පැහැර ගනී…

හිටපු නීතිපති දප්පුල ලිවේරා මහතාගේ කාර්යාලයට සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් ලිපිගොනු අවුස්සා ඉන් එකක් රැගෙන පලා ගොස් ඇතැයි රහස් පොලිසිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
කොළඹ 7 ප්‍රදේශයේ පිහිටි හිටපු නීතිපතිවරයාගේ කාර්යාලයට පසුගිය වසරේ නොවැම්බර් මස 11 වනදා රාත්‍රියේ පැමිණි නාදුනන පුද්ගලයෙකු ලිපි ගොනු සියල්ල අවුස්සා එක් ලිපිගොනුවක් රැගෙන ගොස් ඇති බවද රහස් පොලිසිය විසින් ඊයේ දින අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
මෙම සිදුවීමට අදාළ කැමරා දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තවදුරටත් පරීක්ෂණ සඳහා බාරදී ඇති බවත් කරුණු වාර්තා කරන ලදී.

මෙම සිදුවීම තමන්ගේ ජීවිත ආරක්ෂාව තර්ජනයක් යයි හිටපු නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad