ප්‍රතිත්‍රස්ත පනතින් GSP+ නැති වේවි..- යුරෝපා සංගමය.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 11, 2023

ප්‍රතිත්‍රස්ත පනතින් GSP+ නැති වේවි..- යුරෝපා සංගමය..

රජය විසින් යෝජනා කර ඇති ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත හේතුවෙන් ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් ඇති බව යුරෝපා සංගමයේ කොළඹ තානාපතිවරයා වන ඩෙනිස් ෂායික් පෙන්වා දෙයි.
මෙම බදු සහනය දීර්ඝ කිරීමට අපොහොසත් වුවහොත් ඉන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන පන්සියයකට අධික වෙළඳ සහනයක් අහිමි වනු ඇති බවද තානාපති වරයා යොමු කර ඇති නිවේදනයේ සඳහන්ය.
මානව හිමිකම් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය ප්‍රමුඛතාවයක් ලබා නොදුනහොත් එම සහනය අහිමි වී ඉඩ ඇති බවත් මෙරට ජර්මානු තානාපති කාර්යාලයද පසුගිය පෙබරවාරියේ අනතුරු ඇඟවීමක් කර තිබූ බවද නිවේදනයේ දැක්වෙයි.

ශ‍්‍රී ලංකාවට තීරු බදු සහනය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන ක්‍රියාවලිය දැනට අවසන් ඉදිරියේ පවතින බවත් එම නිවේදනය පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad