“අපිට හරිවැඩේ වුණේ අයියට පැනගන්න බැරි වුණා” - හරක්කටාගේ වැරදුණු කුරුමානම ගැන කොස්තාපල්ගෙන් විනාඩි 10ක කෝල් එකක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 29, 2023

“අපිට හරිවැඩේ වුණේ අයියට පැනගන්න බැරි වුණා” - හරක්කටාගේ වැරදුණු කුරුමානම ගැන කොස්තාපල්ගෙන් විනාඩි 10ක කෝල් එකක්!

හරක්කටාට පැන යෑමට කළ සැලැස්ම අසාර්ථක වීම සම්බන්ධව රහස් පොලිසියෙන් පැන ගිය කොස්තාපල්වරයා ඩුබායි සිටින හරක්කටාගේ ගෝලයා වන මිදිගම රුවන් සමග දුරකථනයෙන් විනාඩි දහයක පමණ කාලයක් කතාබස් කර ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම කොස්තාපල්වරයා වාහනයෙන් මාතර දෙසට ගමන් කරද්දී කඩවතදී මිදිගම රුවන් සමඟ කතාබහ කරමින් “අපිට හරිවැඩේ වුණේ අයියට පැනගන්න බැරි වුණා. මට දුක ඒකයි. පොලිසිය දැන් තදින්ම හිටියා” යැයි කියා ඇති බව හෙළි වී තිබේ.

මෙම කොස්තාපල්වරයා සහ මිදිගම රුවන් අතර සිදු වූ මෙම සංවාදය පිළිබඳව පොලිසියට පවසා ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකරුවෙකි.

නෝමන් පලිහවඩන
දිවයින


No comments:

Post a Comment

Post Bottom Ad