සරත් එන්. සිල්වාගේ නිවස හොරු කඩයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 29, 2023

සරත් එන්. සිල්වාගේ නිවස හොරු කඩයි!

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාගේ කටාන ප්‍රදේශයේ පිහිටි නිවසට සොරුන් ඇතුළුවී එහි තිබූ බඩු භාණ්ඩ කිහිපයක් රැගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

27 වනදා රාත්‍රියේ එම නිවෙසට ඇතුළු වී මෙම පිරිස එහි තිබූ පිත්තල අලියෙක් හා කුඩා ටජ්මහල් අනුරුවක් ඇතුළු භාණ්ඩ 27ක් සොරාගෙන ගොස් ඇති බව කොච්චිකඩේ පොලිසිය සඳහන් කරයි.

හිටපු අගවිනිසුරුවරයා මේ වන විට කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ඔහුට අයත් කටානේ නිවසේ පසුපස දොර කඩා සොරැන් ඇතුළු වී තිබේ.

එම ඉඩම සහ නිවස බලා ගැනීම සඳහා දිවා කාලයේදී පමණක් මුරකරුවකු රැඳී සිටින අතර සොරකම වූ දිනට පසු දින උදෑසන පැමිණි මුරකරු නිවසේ දොර කඩා ඇති බව දැක පොලිසියට මේ බව දැනුම් දී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad