රනිල්-සජිත් අන්තිම සාකච්චාව සූදානම්… නායකකම නොදුන්නොත් සජිත් වෙනම පක්‍ෂයකින් මහ මැතිවරණයට.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 28, 2019

රනිල්-සජිත් අන්තිම සාකච්චාව සූදානම්… නායකකම නොදුන්නොත් සජිත් වෙනම පක්‍ෂයකින් මහ මැතිවරණයට..

එක්සත් ජාතික පක්ෂයේ ඇතිව තිබුණා අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන් අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් වෙමින් තිබේ.

මෙම සාකච්චා ඉදිරි දින දෙක තුන ඇතුළත පැවැත්වීමට නියමිත අතර ඔවුන් අතර සිදුවන අවසන් සාකච්ඡා වනු ඇතැයි ද වාර්තා වේ.

පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන මතභේදාත්මක තත්වය ගැන මෙහිදී අවධානය යොමු කිරීමට නියමිතය.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම ආරංචි මාර්ග කියා සිටින්නේ යම් ලෙසකින් පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදෙන්නේ නම් මීළඟ මහ මැතිවරණයේදී වෙනම කණ්ඩායමක් ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් තරග වැදීමට සියලූ කටයුතු සූදානම් කර ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad