රන්ජන්ව හමුවෙන්න හොරෙන්ම රනිල් වැලිකඩට ගිහින් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 14, 2020

රන්ජන්ව හමුවෙන්න හොරෙන්ම රනිල් වැලිකඩට ගිහින් !

රිමාන්ඩ් බාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට එජාප නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, ඉරාන් වික්‍රමරත්න, රුවන් විජයවර්ධන හා අර්ජුන රණතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්‍ඩායම පෙරේදා (13) දහවල් නව මැගසින් බන්ධනාගාරයට ගිය බව බන්ධනාගාර ආරංචි මාර්ගවලින් පැවසෙනවා.
‘පී’ සිර මැදිරියේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතා ජෙලර්වරයකු බාරයේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ අමුත්තන්ගේ විශේෂ කාමරයට කැඳවාගෙන ඒමෙන් පසුව ඔහු හමුවීමට ඉඩ සලසාදී තිබුණා.

සැකකාර මන්ත්‍රීවරයා රිමාන්ඩ් භාරයට පත් වූ ඉකුත් 15 වන දිනෙන් පසු මන්ත්‍රීවරුන් කණ්‍ඩායමක් ඔහු බැලීමට පැමිණ ඇත්තේ පෙරේදා  (13) වීම විශේෂත්වයකි.

මෙතෙක් නීතිඥවරුන් හැර වෙනත් කිසිදු දේශපාලනඥයකු ඔහු හමුවීමට පැමිණ තිබුණේ නැත.

මේ වනවිට රන්ජන් සමග ‘පී’ සිර මැදිරියේ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ද රඳවා සිටිනවා.


No comments:

Post a Comment

Post Bottom Ad