නවක මන්ත්‍රී සමන් රත්නප්‍රියට එක්කෝටි විසි ලක්ෂය තීරු බදු රහිත වාහන බලපත්‍රයක්… අනුමැතියට ලියකියවිලි බාර දෙයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 14, 2020

නවක මන්ත්‍රී සමන් රත්නප්‍රියට එක්කෝටි විසි ලක්ෂය තීරු බදු රහිත වාහන බලපත්‍රයක්… අනුමැතියට ලියකියවිලි බාර දෙයි !

වක මන්ත්‍රීවරයකු ලෙස ඉකුත්දා  දිවුරුම් දුන් සමන් රත්නප්‍රිය මහතාට තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් අප කළ වීමසුමකදී අදහස් දැක් වූ රාජ්‍ය පරිපාලන අමාත්‍යතාංශයේ පාර්ලිමේත්තු කටයුතු අංශයේ නිලධාරිනියක  පැවැසුවේ රත්නප්‍රිය මහතාට වාහන බලපත්‍රය ලබාදීමට අදාළ ලියකියවිලි අනුමැතිය සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනටමත් යවා ඇති බවයි.
රත්නප්‍රිය මහතාට හිමිවන තීරු බදු රහිත  වාහන බලපත්‍රයේ වටිනාකම ඇමෙරිකානු  ඩොලර් 65,000කි. (ශ්‍රී ලංකා මුදලින් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණි). සමන් රත්නප්‍රිය මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ඉකුත් ජනවාරි මස 23 වැනිදා පත් කෙරුණේ පත්කළ මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ මන්ත්‍රී පුරප්පාඩුවටයි.

රත්නප්‍රිය මහතා නවක මන්ත්‍රීවරයකු ලෙස කතානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ මැතිසබයේදී ඉකුත් 5 වැනිදා දිවුරුම් දුන්නේත්ය. රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සහාපතිවරයා වූ සමන් රත්නප්‍රිය මහතා ඉකුත් යහපාලන රජය බලයට පත්කිරීමට කටයුතු කළ සමාජ ක්‍රියාකාරි සංවිධාන කිහිපයකම පුරෝගාමියෙකි.


No comments:

Post a Comment

Post Bottom Ad