දිනකට ආසාදිතයන් 9 ක් පෙන්නුම් කළ සිංගප්පූරුවේ කොරෝනා ආසාදිතයන් ඊයේ දිනයේ 728කින් ඉහළ යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 16, 2020

දිනකට ආසාදිතයන් 9 ක් පෙන්නුම් කළ සිංගප්පූරුවේ කොරෝනා ආසාදිතයන් ඊයේ දිනයේ 728කින් ඉහළ යයි


සිංගප්පූරුවේ කොරෝනා වෛරස් නව ආසාදිතයන් ඊයේ දිනයේදී කැපී පෙනෙන ලෙස 728කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව 4427ක් වන අතර, සිංගප්පුරුවේ කොරෝනා මරණ 10ක් ද වාර්තා වුණා.

ඊයේ දිනයේදී වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින්ගෙන් 654 දෙනෙකුම සොයාගෙන ඇත්තේ විදේශීය ශ්‍රමිකයන්ගේ නේවාසිකාගාරවල සිදුකළ පරීක්ෂා කිරීම්වලින්.

තවත් 26 දෙනෙකු එම නේවාසිකාගාරවලින් පිටත රැඳී සිටි විදේශීය ශ්‍රමිකයන්.

සිංගප්පූරු වැසියන් 48 දෙනෙකු ද කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ සොයා ගැනුණා.

නව ආසාදිතයන් අතර 7 හැවිරිදි පිරිමි ළමයෙකු සහ 13 හැවිරිදි ගැහැණු ළමයෙකු ද සිටින බව සඳහන්.

සිංගප්පූරුවේ නව ආසාදිතයන් සාමාන්‍යයෙන් දිනකට 9 දෙනෙකු පමණ වාර්තා වුවද විදේශීය ශ්‍රමිකයන්ගේ නේවාසිකාගාර පරීක්ෂා කිරීමට පටන් ගැනීමත් සමඟ එම සංඛ්‍යාව දිනකට 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad