හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස් හට බැඳුම්කර ගණුදෙනුවට අදාළ මිල ගණන් සම්බන්ධ සංවේදී රහසිගත තොරතුරු මහ බැංකුවෙන් ලැබී ඇති බවට අද කොමිසම හමුවේ අනාවරණය වී තිබේ.
අර්ජුන් ඇලෝෂියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් ප්‍රධාන විධායක නිලධාරියා අතර සිදුවී ඇති දුරකතන සංවාද මඟින් මේ පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව ඇත. මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසී පිළිබඳ අභ්‍යන්තර රහසිගත තොරතුරු අර්ජුන් ඇලෝෂියස් සතුව තිබී ඇති බවට එම සංවාද ඔස්සේ හෙළි වී ඇති බව වාර්තා වෙයි.
මේ අතර ප්‍රශ්නගත මහබැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ජනාධිපති කොමිසම ස්ථාපිත කර ඇති භූමියට ලබා දී ඇති ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන තිබේ. කොමිසම සිදුකරන ලද ඉල්ලීමකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකා සහ ආයුද සන්නද්ධ පොලිස් නිලධාරීන් කොමිසමේ ආරක්ෂාව සඳහා යෙදවීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
දහවල් කාලයේ ආයුද සන්නද්ධ පොලිස් නිලධාරීන් බැඳුම්කර කොමිසමේ ආරක්ෂාව සඳහා යොදවා ඇති අතර රාත්‍රී කාලයේ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් ආරක්ෂාව සඳහා යෙදවීමට පියවර ගෙන ඇති බව සඳහන් වෙයි. බැඳුම්කර කොමිසම විසින් සිදු කරන විමර්ශනයට අදාලව වැදගත් ලිය කියවිලි රැසක් මේ වන විට කොමිසම සතුව පවතින බැවින් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.
Wednesday, September 6, 2017

අර්ජුන්ට බැඳුම්කර ගණුදෙනුවේ තොරතුරු ලැබුණ හැටි හෙළිවෙයි
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment