ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියකට එක්වීම සඳහා පැමිණි ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තය නියෝජනය කරන 17න් පහළ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ඊයේ සවස පමුණුගම හෝටලයකදී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ.
එම කණ්ඩායම නැවතී සිටි පමුණුගම හෝටලයේ පිහිනුම් තටාකයේ තවත් තිදෙනෙකු සමග ඔහු පිහිනමින් සිටයදී මෙම අනතුරට ලත්ව ඇත. මියගිය සිසුවා වයස අවුරුදු 12ක් වන අයෙකි. අද (06දා) පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය. ඔහුද ඇතුළුව ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා ඉන්දීය පාසල් ක්‍රීඩකයන් 19ක් ලංකාවට පැමිණ තිබුණි.
Tuesday, September 5, 2017

ඉන්දීය පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලංකාවේදී දියේ ගිලී මරුට
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment