"අවුරුදු 11 තිස්සේ මම ගොඩනගපු ඔක්කොම මමම දිනවපු ජනපති විනාශ කළා" - චන්ද්‍රිකා - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 22, 2019

"අවුරුදු 11 තිස්සේ මම ගොඩනගපු ඔක්කොම මමම දිනවපු ජනපති විනාශ කළා" - චන්ද්‍රිකා

අවුරුදු 11 තිස්සේ මම ගොඩනගපු ඔක්කොම අපේ පක්ෂයේ මමම දිනවපු ජනපති කෙනෙක් ඇවිල්ලා ඒ ඔක්කොම විනාශ කළා යැයි හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය.

හොරගොල්ල, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති වැඩසටහනකදී ඇය මේ බව සඳහන් කළාය.

“අපේ ප්‍රධාන පාසල්වල දරුවෝ ගෙනල්ල අනිත් අයට මත්කුඩු විකුණන තත්ත්වයක් තිබෙනවා. මේක එක්කෙනුකෙගේ වරදක් නෙමෙයි. මුළු සමාජයම පවතින දෙයක්. ප්‍රධානම වැරැද්ද ආණ්ඩුකරන අයගේ. අර මන්ත්‍රීවරු ගහගත්ත හැටි පාර්ලිමේන්තුවේ පුටුව උස්සලා, උත්තරීතම තනතුර වන කථානායකට සලකපු හැටි දකින්න ඇතිනේ. මම දන්න තරමින් වනාන්තරවල ඉන්න වන සත්තුවත් ඔහොම හැසිරෙන්නේ නෑ. හැබැයි අද අපේ මන්ත්‍රීවර එරෙහම හැසිරුණා. ඇමතිවරු වෙලා හිටපු අය, අගමැතිවෙලා හිටපු අය, ජනපති වෙලා හිටපු අයත් එහෙම හැසිරුණා. ඒ සමාජයේ හොඳ අයත් ඉන්නවා. හොඳින් ඉන්න මිනිස්සු දේශපාලනයට යන්නේ නෑ. සමාජයේ ඉන්න අන්තිම රොඩු ටික තමයි දේශපාලනයට යන්නේ. ඉගෙන ගෙන නෑ. සාමාන්‍ය පෙළවත් පාස් නෑ ගෙඩ දෙනෙක්, යන්තම් උසස් පෙළ සමත්වෙලා තිබෙනවා."

"පාර්ලිමේන්තුවේ 5%කටවත් උපාධියක් නෑ. මටත් ඉල්ලන්න කියනවා. නමුත් මෙවැනි බලපෙරේත මිනිස්සු එක්ක ඉල්ලන්නේ නෑ. දේශපාලන සංහිදියාවක් තිබුණේ නෑ. ප්‍රධාන පක්ෂ දෙක එක පක්ෂයක් බලය හිටපු කාලයේ කරපු ඔක්කොම වැඩ ටික වෙනස් කරනවා. ඒක හොඳද නරකද හොයලා බලන්නේ නෑ. අරගොල්ලෝ ආපුවාම ඔක්කොම අකාමකා දාලා වෙන දෙයක් පටන් ගන්නවා. අන්තිමට වුණේ එක පක්ෂයේ ජනාධිපතිවරු දෙන්නෙක් ආවම මේ ජනපතිවරයා කරපු දේ අර ජනපතිවරයා විනාශ කරනවා. ඒක මගේ ආණ්ඩුවට වුණා. අවුරුදු 11 තිස්සේ මම ගොඩනගපු ඔක්කොම අපේ පක්ෂයේ මමම දිනවපු ජනපති කෙනෙක් ඇවිල්ලා ඒ ඔක්කොම විනාශ කළා.”යැයිද ඇය වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad