මහ නාහිමිවරු ඥානසාර හිමිට සමාව ඉල්ලති - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 22, 2019

මහ නාහිමිවරු ඥානසාර හිමිට සමාව ඉල්ලති

මහ නාහිමිවරු ඥානසාර හිමිට සමාව ඉල්ලති

අධිකරණයට අපහාස කිරිමේ චෝදනා යටතේ මේ වන විට සිර දඬුවම් නියම වී ඇති බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනපති පොදු සමාව ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවේ සියලුම සංඝ සභාවන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිති.

අස්ගිරිය මහා නිකාය, මල්වත්ත මහා නිකාය,  කෝට්ටේ සංඝ සභාව,  අමරපුර මහා නිකාය, රාමඥ්ඥ මහා නිකාය යන සංඝ සභාවල මහානායක හිමිපාණනන් වහන්සේලාගේ අත්සන් සහිතව ලිපි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර තිබේ.

මීට අමතරව ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාද ඥානසාර හිමියන්ට පොදු සමාව ඉල්ලා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad