සේනා දළඹු ප්‍රහාරය ගෝවා සහ නෝකෝල් වගාවට ද ව්‍යාප්තවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 22, 2019

සේනා දළඹු ප්‍රහාරය ගෝවා සහ නෝකෝල් වගාවට ද ව්‍යාප්තවෙයි

සේනා දළඹු ප්‍රහාරය ගෝවා සහ නෝකෝල් වගාවට ද ව්‍යාප්තවෙයි

බඩඉරිඟු සහ තවත් බෝග කීපයක ව්‍යාප්තවී සිටිනසේනා  දළඹු වසංගතය මේවනවිට මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගෝවා සහ නෝකෝල් වගාවට ද ව්‍යාප්ත වෙමින් පවතින බව ගොවීහු පෙන්වා දෙති.

පළමු වතාවට ගලේවෙල දඬුබැඳිරුප්ප ප්‍රදේශයේ නෝකෝල් සහ ගෝවා වගා බිම් වල සේනා  දළඹුවන්  සිඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව ගොවීහු කියති .

ගෝවා වගාව ආරම්භ වී සති කිහිපයක් ගතවන කාල වකවානුව වෙද්දි සම්පුර්ණයෙන්ම ගොබය සහ කොළ සේනා  දළඹුවාගේ ආහාර බවට පත්වෙන බවත් නෝකෝල් වගාවේ ද පත්‍ර විශාල වශයෙන් සේනා දළඹු හානියට ලක් වෙමින් පවතින බව ගොවීහු පෙන්වා දෙති.

දින කිහිපය ඇතුළත සේනා දළඹුවන් කිහිපදෙනෙකු පමණක් මෙම වගා ක්ෂේත්රයේ දැකගැනීමට හැකිවූ බවත් මේ වන විට විශාල වශයෙන් ගෝවා වගාවේ සේනා දළඹුවන් පැතිර යමින් පවතින බවද ගොවීහු කියති.

කුඩා සලබයන් ඇතිවී  ඔවුන්ගේ බිත්තර වලින් කුඩා   දළඹුවන් ව්‍යාප්ත වීමේ වැඩි අවදානම වගා බිමේ ඇති ගෝවා සහ නෝකෝල් පත්‍රවල දක්නට ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

මෙම විනාශය සිදු වීමත් සමඟ තමන් කෘෂිකර්ම නිලධාරීන්ට මේ බව දැනුම් දුන් බවත් කෘෂිකර්ම නිලධාරීන් පැමිණ එම පණුවන් සහ ඇතැම් ශාක කොටස් රැගෙන යෑම සිදු කළ බවත් එහෙත් මෙය මර්දනය කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් තවමත් ක්‍රියාත්මක වී නැති බව ද ගලේවෙල ගෝවා සහ නෝකෝල් ගොවීහු පෙන්වා දෙති.

නෝකෝල් සහ ගෝවා   පත්‍ර ආහාරයට ගැනීම නිසා එම පත්‍ර පණුවන් විසින් විනාශ කිරීමත් සමග තමන්ගේ ආර්ථිකයට බරපතළ හානියක් සිදුවන බවත් එසේම මේ වන විට විශාල මුදලක් වියදම් කර විවිධ කෘමි නාශක වර්ග යෙදුව ද ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබෙන බවත් දින කිහිපයක් යද්දී නැවතත් සේනා දළඹුවන් පැතිර යෑම සිදු වන බව ඔවුහු කියති.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

No comments:

Post a Comment

Post Bottom Ad