මාකඳුරේ මධුෂ් වැනි පාතාල නායකයන් නිර්මාණය වීමට රටේ පවතින දේශපාලන සංස්කෘතිය දායක වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
බදුල්ල ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය.
මාකඳුරේ මධුෂ් වැනි පතාල නායකයින් උත්පාදන කළ ගර්භාශය ඇත්තේ මෙරට තිබේන ප්‍රධාන පක්ෂ දෙකේ බව සමන්ත විද්‍යාරත්න මහතා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු විසින් ඇති කළ අධ්‍යාපන ක්‍රමය සහ ඔවුන් විසින් ඇති කළ සමාජය ක්‍රමය තුළින් උත්පාධන වූ භාණ්ඩ වන්නේ මාකඳුරේ මධුෂ් වැනි පුද්ගලයින් බව ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
මේ අතර පාර්ලිමේන්තුවේ වැරදි ආදර්ශයන් පළාත් සභා සහ ප්‍රාදේශිය සභාවලට ද පැමිණ ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
No comments:
Post a Comment