"උදයංගව හොයන්න හත් පාරක් ඩුබායි ගිය බලධාරීන් මධුෂ්ව අල්ලන්න එකපාරක්වත් ඩුබායි ගිහින් නැහැ" - නාමල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 13, 2019

"උදයංගව හොයන්න හත් පාරක් ඩුබායි ගිය බලධාරීන් මධුෂ්ව අල්ලන්න එකපාරක්වත් ඩුබායි ගිහින් නැහැ" - නාමල්

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග  අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය අවස්ථා හතකදී ඩුබායි බලා පිටත්වුවත් මාකඳුරේ මධූෂ්ව අත්අඩංගුවට ගැනීම සඳහා ඒක් අවස්ථාවකදීවත් එවැන්නක් නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු සිය ට්විටර් ගිණුමට කළ ප්‍රකාශයක දැක්වෙන්නේ බන්ධනාගාර බස් රථයට ඒල්ල වූ ප්‍රහාරය (සමයං ඝාතනය) හා පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතාට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව මධූෂ්ව අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් රතු නිවේදනයක් ලබා ගැනීමට අවස්ථාව තිබූ බවයි.

කෙසේ වෙතත් බැඳුම්කර ගනුදෙනුවෙන් පසුව රජය කටයුතු කළ ආකාරයටම ඉහත සිද්ධීන් ඇතිවීමෙන් පසුව රජය කටයුතු කළ බවත් ඔහු සඳහන් කරයි.

ඒසේම මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීම පිළිබඳව සත්‍ය තොරතුරු වසන් කිරීමට රජය කටයුතු කරන්නේ මන්දැයි ඔහු ප්‍රශ්ණ කරයි. ඔවුන් සමග අත්අඩංගුවට පත්වූ රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත් හිමියා කවුරුන්ද යන්න පිළිබඳව තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් කිසිවක් කර නොමැති බවත් ඔහු සඳහන් සඳහන් කරයි.

එම ට්විටර් ප්‍රකාශය පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad