ගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා සිසුවියක ඇතුළත් කර ගැනීමට අල්ලස් ලබාගත් බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් එම විද්‍යාලයේ විදුහල්පතිනිය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කළ එම විදුහල්පතිනිය ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
පළමු ශ්‍රේණිය සඳහා සිසුවියක ඇතුළත් කර ගැනීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ලබාගත් බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ එම විදුහල්පතිනිය අත්අඩංගුවට ගනු ලැබීය.
සබැඳි පුවත් : http://am.lk/local-news/item/41415-2019-02-13-13-38-39
No comments:
Post a Comment