Loading...
රජය විසින් කරනු ලබන සියලූම භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලියට යටත් විය යුතු වුවත්, කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ඞී. ජී. ජේ. ගොඩනැගිල්ල බදු පදනම මත ලබාගැනීමේදී එම කි‍්‍රයාවලියට යටත් නොවූ බව ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි දෙමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පි‍්‍රයංගා හිමාලි හඳුන්හේවා මහත්මිය පවසුවාය.
හිටපු කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව එම ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ලබාගන්නා බැවින් ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලිය අවශ්‍ය නොවන බව එම අමාත්‍යාංශයේ ලේකම් බදුල්ලේ විජේරත්න මහතා තීරණය කළ බවත් හඳුන්හේවා මහත්මිය කීවාය. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය ප‍්‍රකාශ කර සිටියේ කෘෂිකර්ම ඇමැතිවරයා විසින් ඞී. ජී. ජේ. ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලබාගැනීම සඳහා අනුමැතිය ලබාගත් බව කැබිනට් මණ්ඩලයේ ලේකම් එස්. අබේසිංහ මහතා විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බදුල්ලේ විජේරත්න මහතාට දැනුම්දී ඇති බවයි.
ඞී. පී. ජේ. ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලබාගැනීමේදී ඊට අදාළ ගිවිසුමට රජය වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ගොඩනැගිල්ලේ හිමිකරුවන් වෙනුවෙන් ජේ. ජී. ජයසිංහ ටුවර්ස් ඇන්ඞ් ට‍්‍රාන්ස්පෝට් පුද්ගලික සමාගම වෙනුවෙන් උපාලි ජයසිංහ මහතා සහ සබීතා ජානකි පෙරේරා මහත්මියත් අත්සන් තබා ඇති බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය තවදුරටත් සඳහන් කර සිටියේ වසර පහක කාලයක් සඳහා රු. 1335600000 ක මුදලකට එම ගිවිසුම ඇතිකරගෙන ඇති බවයි.
එම මුදලට අමතරව නව ගොඩනැගිල්ලේ බිම් සැලසුම් සකස් කිරීමට සහ විදුලිය සහ දුරකථන වැනි පහසුකම් ලබාගැනීම සඳහා තවත් මිලියන 402.05 ක් ද වෙන්කර ගෙන ඇති බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ සභාපති ලේකම්වරිය එම වියදම් ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලියට අනුව සිදුකර ඇති බව පැවසුවාය. තට්ටු නවයකින් යුත් ඞී. පී. ජේ. ගොඩනැගිල්ලේ එකදු කවුළුවක් හෝ නොමැති බවත් වායුසමන පද්ධතිය නිසි අයුරින් කි‍්‍රයාත්මක නොවන නිසා සමහර සේවකයන්ට හිසරදයත්, අධික සීතලත් ඇති වූ බවට ලිඛිතව සහ වාචිකව කිහිප වරක්ම පැවසූ බවත් ඇය සඳහන් කළාය.

එරික් ගාමිණි ජිනපි‍්‍රය
-දිවයින පුවත්පත
No comments:
Post a Comment