ශ‍්‍රීලනිපය අද අතරමං වෙලා - ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 8, 2019

ශ‍්‍රීලනිපය අද අතරමං වෙලා - ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල

ශ‍්‍රීලනිපය අද අතරමං වෙලා - ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල

අද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතරමං වී ඇති බව සභානායක රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කළේය.
 
 අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මහනුවර නගරයේ ඉදිකිරීම් අවසන් වූ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සව සඳහා එක්වෙමිනි.
 
 මෙහිදී උත්සව සභාව ඇමතූ අමාත්‍යවරයා මෙසේද කීය.
 
"අපේ ආණ්ඩුවේ ශක්තිමත් භාවය නැවත වරක් ඔප්පු වුණා. මෙවර අය වැය සම්මත වීමත් සමඟ විපක්‍ෂය කිහිපවරක් උත්සාහ කළා කුමන්ත‍්‍රණකාරීව හොර පාරෙන් අපේ ආණ්ඩුව උදුරගන්න. නමුත් ජනතාව එයට ඉඩ දුන්නේ නැහැ. විපක්‍ෂයේ අය දැනගන්න ඕන විපක්‍ෂයේ ඉන්න විට ඉවසීමෙන් ඉන්න. එක්සත් ජාතික පක්‍ෂය අවුරුදු 10 කට වැඩි කාලයක් විපක්‍ෂයේ හිටියා. විපක්‍ෂයේ ඉන්නකොටයි අවශ්‍ය පන්නරය ලැබෙන්නේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇත්තටම අද අතරමං වෙලා. අපේ පහනෙන් එළිය බලලා අපේ පහනෙන් ඇමැතිකම් අරගෙන අපිටම පිහියෙන් ඇනලා කරපු දේවල්වල ඵල විපාක තමා අද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ක්‍ෂයට අත්වෙලා තිබෙන්නේ. නව මැතිවරණ ක‍්‍රමය පිළිබඳ පනත සම්මත වෙලා නැහැ. එක්සත් ජාතික පක්‍ෂය සූදානම් පැරණි ක‍්‍රමයට මැතිවරණය පවත්වන්න. ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා මේ පනත ඉදිරිපත් කළාට එයත් ඒකට විරුද්ධවයි ඡුන්දය දුන්නේ. ඒකයි ඇත්ත තත්ත්වය. නව පනත දැන් දෙලොවක් අතර තිබෙන්නේ. කෙසේ වෙතත් ජනතාවට දුන් පොරොන්දු ඉටු කර අපි මැතිවරණයකට යනවා."

No comments:

Post a Comment

Post Bottom Ad