තමන් පසුගියදා සහභාගී වූ කුඩා දරුවකුගේ උපන් දින උත්සවයකදී ඊට එක්ව සිටි දරුවන්ගෙන් ශිෂ්‍යත්ව විභාගයට කැමති කවුරුන්දැයි විමසූ විට කිසිවකු අත නොඉස්සූ බවත් ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට කැමති කවුරුන්දැයි විමසූ විට සියලු දෙනාම අත් ඉස්සූ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එහෙයින් දරුවන්ට ලබාදිය යුත්තේ ඔවුන් ඉල්ලන දේ මිස ඔවුන් නොඉල්ලන දේ නොවන බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් සමහර මව්වරුන් තමන්ට දොස් කියන බව ආරංචි වී ඇතැයි පැවසූ ජනාධිපතිවරයා පහේ ශිෂ්‍යත්වය වෙනුවට අට ග්‍රේණියට අලුතින් විභාගයක් හඳුන්වා දෙන බවත් ඒ හරහා මේ දරුවන් ලෝකයම ජයගන්නා විශිෂ්ටයින් බවට පත් කරන බවත් ප්‍රකාශ කළේය.
තමන් නව ක්‍රමයක් යෝජනා කරන්නේ, විශ්වවිද්‍යාලයට ගොස් කලා උපාධිය රැගෙන රැකියා ඉල්ලා මහපාරේ උද්ඝෝෂණය කරන තත්වයට උගතුන් පත් නොකර අධ්‍යාපනයේ කළ යුතු වෙනස්කම් කිරීම සඳහා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (07) වේයන්ගොඩ ප්‍රදේශයේ පැවති බාලදක්ෂ උත්සවයක් අමතමිනි.
Sunday, April 7, 2019
පහේ ශිෂ්‍යත්වය නැති කරන්න ළමයි ඔක්කොම අත ඉස්සුවා - ජනපති
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment