"ෂාෆිට එරෙහි වඳ චෝදනා බොරු පරීක්‍ෂණවලින් වහන්න හදනවා "- අතුරලියේ රතන හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 25, 2019

"ෂාෆිට එරෙහි වඳ චෝදනා බොරු පරීක්‍ෂණවලින් වහන්න හදනවා "- අතුරලියේ රතන හිමි

Loading...

මවුවරුන් වඳභාවයට පත් කිරීම පිළිබඳව වෛi ෂාෆි ෂෙහාබ්ඞීන් මහතාට එල්ල වී ඇති චෝදනා ආණ්ඩුව බොරු පරීක්‍ෂණ පවත්වා වහන්න උත්සාහ දරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසූහ. 
පොලිසිය අද මෙම පරීක්‍ෂණ පවත්වන්නේ සම්පූර්ණයෙන්ම දේශපාලන අතකොලූවක් ලෙස බවද උන්වහන්සේ කීහ.
 මෙම සිද්ධියේ සත්‍ය එළියට එනවාට ආණ්ඩුව බයයි. ඇත්තටම සිසේරියන් සැත්කම් අටදාහක් කරලා එයින් දාහකට දෙවැනි දරුවා නොලැබෙන්නේ නම් ප‍්‍රශ්නයක්. මුස්ලිම් කාන්තාවනුත් මේ සැත්කම් කරගෙන තිබෙනවා ඔවුන්ට දරුවො ඕනතරම් ලැබී තිබෙනවා. කිසිවකු හෝ දරුවන් නැති බවට පැමිණිලි කර නැහැ.
ඇමැතිවරයා කුරුණෑගල රෝහල් අධ්‍යක්‍ෂවරයා මාරු කරන්න හැදුවා, පරීක්‍ෂණ නවත්වන්න බැලූවා. බැරිම තැන මේ සිද්ධිය වැසීමට බොරු පරීක්‍ෂණ පවත්වනවා.
වෛi ෂාෆි සිද්ධිය මුළු සිංහල ජාතිය වඳ කිරීමේ සැලැස්මක් තිබී තිබෙනවා. 1995 සිට වගේ මේ තත්ත්වය තිබී තිබෙනවා. අම්මලා 900 ක් වඳ කරලා කියලා රෝහලේ වාර්තා වුණා යැයි ද ඊයේ (24 වැනිදා) කොළඹදී පැවැති සම්මන්ත‍්‍රණයකදී උන්වහන්සේ පැවසූහ.
 -රනිල් ධර්මසේන
-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad