ජනපති-අගමැති උණසුම් සංවාදයක පැටලෙයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 25, 2019

ජනපති-අගමැති උණසුම් සංවාදයක පැටලෙයි.

Loading...

ඉඩම් පිළිබඳ බලය ප‍්‍රාදේශීය සභා වෙත පැවරීම හේතුවෙන් සිදුව ඇති දූෂිත තත්ත්වය ද පැහැදිලි කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳව ද අදාළ පාර්ශ්වයන්ගේ කඩිනම් අවධානය යොමු කළේය.

 මෙම සාකච්ඡුාවක් තරමක් උණුසුම් මුහුණුවරක් ගත්තේ ජනාධිපතිවරයාගේ අදහස්වලට ප‍්‍රතිචාර දක්වමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ දක්වන්නට යෙදුණු අදහස් නිසාය. මෙමගින් ජනතාවට අත්වන පලප‍්‍රයෝජන ගැන රනිල් දිගින් දිගටම කතා කරන්නට පටන් ගෙන සිටියහ.

 තම නොමනාපය පෙන්නුම් කරමින් ජනාධිපතිවරයා නිතර කියන්නට යෙදුණු කාරණාවක් වූයේ තමන්ට මේ ගැන උපදෙස් දෙන්නට හැකි වුවත් අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසට බලපෑම් කරන්නට නොහැකි බවකි. ඒත් රට ගැන සිතා රටට හානියක් නොවන ජනතාවට අපහසුතාවලට මුහුණදීමට සිදු නොවන වගකීම් ඉටු කිරීම රජයක කාර්යභාරය බව අගමැතිවරයා දැනගත යුතු බව ජනාධිපතිවරයා අවධාරණයෙන් යුතුව කියා සිටියේය...

 අග‍්‍රාමාත්‍යවරයා ළඟින්ම තබාගෙන අග‍්‍රාමාත්‍යවරයාගේ කටයුතු පිළිබඳව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන දැඩි විවේචනයෙන් යුතුව කතා කළ තවත් අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව ද ඉතිහාසයට එකතු විය. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ද උපක‍්‍රමශීලීව නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම විශේෂත්වයකි.

 පසුගිය සතියේත් අපේ දේශපාලන කතිකාව තුළ මැතිවරණ ගැන වැඩිපුර කතාබහ විය. පළාත් පාලන ආයතනවල ඡුන්ද විමසීම් දැන් කිසිවකු කතා කරන්නෙ නැති තරමටම අප‍්‍රියජනක මාතෘකාවක් වී ඇත. මේ දිනවල බොහෝ දෙනෙක් කතා කරන්නේ පළාත් සභා හා ජනාධිපතිවරණය ගැනය... පළාත් සභා පිළිබඳ තත්ත්වය කවරක් වුවත් ඊට වඩා ජනාධිපතිවරණය ගැන උනන්දුවෙන් කතා බහ කරන්නට දේශපාලනඥයෝ හුරුපුරුදු වී සිටියේ අද පවතින බොහෝ ප‍්‍රශ්නවලට විසඳුමක් ජනාධිපතිවරණයෙන් පසුව ලැබේවි යැයි කියන සිතුවිල්ලෙන් යුතුවය... ජනාධිපතිවරණය මෙම අවුරුද්ද අන්තිමේ නිසැකවම පැවැත්වෙනු ඇතැයි කියා දේශපාලනඥයෝ බොහෝ දෙනා විශ්වාස කළහ.

 ව්‍යවස්ථානුකූලව දෙසැම්බර් 08 වැනිදාට පෙරාතුව ජනාධිපතිවරණය පැවැත්විය යුතු අතර මහ මැතිවරණයක් සම්බන්ධයෙන් ද දේශපාලන ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්ව තිබේ.

 මේ මැතිවරණ උණුසුමත් සමග එන ඕනෑම මැතිවරණයකින් ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගැනීම සඳහා ප‍්‍රසන්න මේ දිනවල සැලසුම් සකසමින් සිටියි. ලංකාවේ වැඩිම ඡුන්ද ප‍්‍රමාණයක් සහිත ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් ලබන ජයග‍්‍රහණය ඕනෑම මැතිවරණයක දී තීරණාත්මක සාධකයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

 පසුගිය මැතිවරණවල ජයග‍්‍රහණ ප‍්‍රතිශත සසඳමින්, ගණන් හදමින් ප‍්‍රසන්න පසුගිය කාලය පුරා වෙහෙසුණේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් ජයග‍්‍රහණය අතිවිශිෂ්ට ජයග‍්‍රහණයක් බවට පත් කරලීම සඳහාය. වාහනයේ යන එන අතරතුර මෙන්ම නිවසේ නිවාඩු පාඩුව සිටින අවස්ථාවලදී ද ප‍්‍රසන්නගේ වැඬේ ගණන් හදන එකය. 
දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad