මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ මධූ ඈන් රණවීර නැමැති එක්දරු කාන්තාවකි. ඇය මාධ්‍යවේදිනියක් හා පාරම්පරික වෛද්‍යවරියක් ලෙස කටයුතු කරන්නියක් බව පැවසේ. ඇය මේවන විට රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු හා සමාජ ක්‍රියාකාරියකු වන තිළිණ අලහකෝන් මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටින්නේ ඇය ‘ඥානාර්ථ ප්‍රදීපය’ පුවත්පතේ මාධ්‍යවේදිනියක් හා ඥානාර්ථ ප්‍රදීපය ලේඛක සංසදයේ ක්‍රියාකාරී සාමාජිකාවක් මෙන්ම සමාජ ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කළ අයෙක් බවයි.
පොලිසිය විසින් සික්ස්ටර්ස් කුරුකුලසූරිය පියතුමා හරහා පැමිණිලිකාරිය වන ඈන් සමග සමාදානවීමට උත්සාහ ගනිමින් සිටින බව පැවසේ.
මේ අතර, පමුණුව පොලිසියෙන් පැමිණි නිලධාරීන් පහරකෑමට ලක්වූ ඈන් පොලිසියට පැමිණීමට ඇදුම් මාරු කළ අයුරු පවා වීඩියෝ කර ඇති බවට ද චෝදනා එල්ලවී තිබේ.

No comments:
Post a Comment