කෙසේ වෙතත් මෙලෙසට යුද හමුදාව ඇතුළු ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ සිටින ආරක්‍ෂක අංශ සාමාජිකයන් සියදිවි හානිකර ගනු ලැබුවහොත් ඔහුට ඔහුගේ දෙමාපියන්ට හෝ යැපෙන්නන්ට රජය මගින් ලබාදෙන කිසිදු දීමනාවක් හිමිවන්නේ නැතැයි යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු පවසනවා.
යුද හමුදාව ඇතුළු ති‍්‍රවිධ හමුදා සාමාජිකයන්ට යම් ගැටලූවක් ඇත්නම් එය බලධාරීන්ට යොමුකර සහනයක් ලබාගත හැකි බව ද බි‍්‍රගේඩියර්වරයා පවසනවා. ගැටලූව ගැන බලධාරීන් නිිසි විමර්ශනයක් කර හමුදා සාමාජිකයාට සේවයෙන් ඉවත් වී යෑමට හෝ ස්ථාන මාරු ලබා ගැනීම ඇතුළු සහනයක් ලබා ගැනීමට හැකි බවත් කියවුනා.
හමුදා සාමාජිකයාට විවිධ හදිසි අවශ්‍යතා ඇති වූ විට නිවාඩු ලබා ගැනීමට හැකි බව පැවසූ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා එම පහසුකම් ලබා නොගෙන දිවිනසා ගැනීම ප‍්‍රශ්නවලට විසඳුම නොවන බවත් මාධ්‍යයට පවසනවා.

No comments:
Post a Comment