එජාප ජනාධිපති අපේක්‍ෂකත්වය දැඩි අර්බුදයක.. රනිල් උදේට එකක් කියා හවස වෙන එකක් සැලසුම් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 23, 2019

එජාප ජනාධිපති අපේක්‍ෂකත්වය දැඩි අර්බුදයක.. රනිල් උදේට එකක් කියා හවස වෙන එකක් සැලසුම් කරයි

ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා නම් කිරිමට මෙතෙක් එම පක්ෂය අපොහොසත් වි ඇති බවත්, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා තොරා පත් කර ගැනිමට එක්සත් ජාතික පක්ෂයේ පලාත් පාලන ආයතන නියොජ්තයන් හට හෝ ලබා දිය යුතු බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා පැවසයි.

ආණ්ඩුකාරවරයා එ බැව් කියා සිටියේ හැටන් ප්‍රදේශයේ පැවති පලාත් පාලන ආයතන ප්‍රධානින් සහ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ට පවතින ගැටළු  සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා පැවති විශේෂ රැස්විමකින් පසු මාධ්‍යයට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මධ්‍යම පලාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා කියා සිටියේ.

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපෙක්ෂක අර්බුදය දැන් දැඩි අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ උදේට එකක් කියනවා දවල්ට එකක් කියනවා, රැට තව එකකට සැලසුම් කරනවා.

ජනාධිපතිවරණයක ඉතාමත් තිරණාත්මක දේ තමයි ජනාධිපති ප්‍රධාන අපෙක්ෂකයෝ දෙන්නා හෝ තිදෙනා නම් කිරිම .

එක්සත් ජාතික පක්ෂ පලාත් පාලන නියොජිතයෝ මහජන නියොජිතයන්ගේ ඡන්දයෙන් ජනාධිපතිවරණයට අපෙක්ෂකයෝ තොරන්න පක්ෂ නායකත්වය තොරන්න කියන යොජනාව 1999 ඉදන් අවුරුදු 20 ඉදිරිපත් කරමින් ඉන්නවා එක්සත් ජාතික පක්ෂ නායකයාට.

නමුත් එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකරණ මණ්ඩලය කියන ගජ මිතුරන්ගේ සමාගම දිගින් දිගටම ජනතාවගෙන් බැහැර  පුද්ගලයෝ අපෙක්ෂකයෝ විදිහට  තියන් ඉන්න මෙවලමක් විදිහට තියන් ඉන්නවා.

එ නිසා පක්ෂ අභ්‍යන්තරයේ ඇති ප්‍රජාතන්ත්‍රවාදය එක්සත් ජාතික පක්ෂය තුල දැවැන්ත ලෙස බිද වැටිලා තියෙනවා.

මේ අර්බුදය ජය ගැනිමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන්ට නොහැකියාවක් තියෙනවා, ඔවුන් බොහෝ දේ සැලසුම් කරනවා නමුත් ප්‍රායෝගික වශයෙන් ඔවුන් අවුරුදු 20   නායකයාගේ ගැට වලට අහුවෙලා තියෙනවා.

– හැටන් රංජිත් රාජපක්ෂ


No comments:

Post a Comment

Post Bottom Ad