නීතිය නිසි ලෙස වෙන බවක් පේන්න නෑ.. ගානියා බැරිස්ටර් අසනීපයෙන්.. පැය 30ක් ප‍්‍රශ්ණ කලා.. ඇයට අපි උපරිම සහාය දෙනවා - ස්විට්සරලන්ත ආණ්ඩුවෙන් තදබල නිවේදනයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 16, 2019

නීතිය නිසි ලෙස වෙන බවක් පේන්න නෑ.. ගානියා බැරිස්ටර් අසනීපයෙන්.. පැය 30ක් ප‍්‍රශ්ණ කලා.. ඇයට අපි උපරිම සහාය දෙනවා - ස්විට්සරලන්ත ආණ්ඩුවෙන් තදබල නිවේදනයක්

කොළඹ සිට ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැරිස්ටර් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු එරට විදේශ කටයුතු අමාත්‍යාංශ විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ එම සිදුවීම සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ නිසි ලෙස සිදු වන බවක් නොපෙනෙන බවත් තම සේවිකාවගේ අයිතිවාසිකම් රැකෙන අයුරින් පරීක්ෂණ සිදුවිය යුතු බව නිවේදනය සඳහන් කරයි.

පැය තිහක පමණ කාලයක් ඇයගෙන් ප්‍රශ්න කරන ලද්දේ දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් සිටියදී බව ද පවසන එම නිවේදනය පරීක්ෂණය අවසන් වීමටත් කලින් ආණ්ඩුවේ පාර්ශවයෙන් ප්‍රසිද්ධියේ විවේචන එල්ල වන බවද සඳහන් කර ඇත.

තම කාර්ය මණ්ඩලයේ සේවිකාව වෙනුවෙන් දිය හැකි උපරිම සහය ලබා දීමට කටයුතු කරන බවද සඳහන් කරන එම එම නිවේදනය මෙම පරීක්ෂණය වර්ධනය වන තත්වයන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවද සඳහන් කරයි.

කොළඹ සිටින තම තානාපතිවරයා ඊයේ දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසුණු අවස්ථාවේ මෙම තත්ත්වය මේ ගැන අවධානය යොමු කර සාකච්ඡා කළ බවද නිවේදනයේ සඳහන්ය.

නිවේදනය මෙතනින්


No comments:

Post a Comment

Post Bottom Ad