නිදහස සමරන්න මෝදි ලංකාවට! : ගෝඨාභය ජනවාරි චීනයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 31, 2019

නිදහස සමරන්න මෝදි ලංකාවට! : ගෝඨාභය ජනවාරි චීනයට

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය යෙදෙන පෙබරවාරි 4 වැනිදාට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මෙරට ගෙන්වා ගැනීමට ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජනාධිපතිවරයා සිය පළමු සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගෙන තිබිණි.

එම සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද ජනවාරි හෝ පෙබරවාරි මාසවලදී මෙරට සංචාරයක නිරත වීමට එකවී තිබේ.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනවාරි මාසයේදී චීනයේ සංචාරයක නිරත වීමට සූදානම් වන බව වාර්තා වේ.

චීන ජනාධිපති ෂි ජින් පින් මහතාගේ ආරාධනාවක් මත මෙම සංචාරය සිදුවෙයි.

චීන ණය සහ ආධාර මත මෙරට ව්‍යාපෘති රැසක් මේවන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර නේවාසික වීසා රැගෙන මෙරට රැඳී සිටින චීන ඡාතිකයින් ප්‍රමාණය ලක්ෂය ඉක්මවන බවද පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad