රාජිත හොරෙක් නොවෙයි.. ආණ්ඩුව පාණ්ඩුවක් කරගන්න එපා..- මුරුත්තෙට්ටුවේ හිමි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 31, 2019

රාජිත හොරෙක් නොවෙයි.. ආණ්ඩුව පාණ්ඩුවක් කරගන්න එපා..- මුරුත්තෙට්ටුවේ හිමි..

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා හොරෙක් හෝ මංකොල්ලකාරයෙක් නොවන බව නාරාහේන්පිට ශ්‍රී අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

තමන් වහන්සේ රාජිත සේනාරත්න මහතාගේ සුවදුක් බැලීමට ඔහු නේවාසිකව සිටින රෝහල වෙත ගියේ මනුෂ්‍යත්වය සලකා බවද උන්වහන්සේ සඳහන් කළහ.

තමන් ගිය ගමනට විරුද්ධ ව විරුද්ධව මඩ ප්‍රහාර එල්ල කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් බවද උන්වහන්සේ පැවසූහ.

ඊට හේතු වී ඇත්තේ එම සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කිරීමට තිබූ සූදානම තමන් වහන්සේ විරුද්ධ වී නවතා දැමීම නිසා බව ද උන්වහන්සේ සඳහන් කළහ.

ඕනෑම පුද්ගලයෙකුට චෝදනාවක් ඇත්නම් ඒවා නිසි ලෙස විභාග කර නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් එසේ නැතිව පෙර පැවති ආණ්ඩුව මෙන් මේ ආණ්ඩුවද පාණ්ඩුවක් කර නොගන්නා ලෙසද තමන් ඉල්ලා සිටින බව උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

තමනට එල්ල වී ඇති චෝදනා ගැන පැහැදිලි කිරීමට මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad