හීලැ අලි ඇතුන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාද්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
අලි පොත නැතිවීමත් අලි බොරුවක් – අලි පොත නැතිවී නැ
පසුගිය වසර කීපය තුල යහපාලන රජයේ ඇතැම් ඇමතිවරුන් හා එන්.ජී.ඹ් ඩොලර් කාක්කන් විසින් මෙරට බෞද්ධ සංස්කෘතිය,
ගෞරවනීය මහා සංඝයා වහන්සේලා හා බෞද්ධ ප්‍රභුන් ඉලක්ක කරගනිමින් විවිධ අසත්‍ය ප්‍රවෘත්ති හා මඩ ප්‍රචාර ගෙන යමින් භික්ෂුන් වහන්සේලා හා බෞද්ධ ප්‍රභූන්ට විවිධ අධීකරණ වල නඩු පවරා සිරගත කරන ලදි.
මෙහිදී විශේෂයේන් මෙරට පෙරහැර සංස්කෘතිය හා බැදුනු අලි ඇතුන් අත්අඩංගුවට ගෙන පින්නවල හා උඩවලවේ ගාල් කිරීම ද එම හිමිකරුවන් බන්ධනාගර ගත කිරීම නඩු පැවරීම ද සිදුකරන ලදි. එවක වනජීවී අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා විසින් රාජපක්ෂලා අලි පොත උස්සලා කැලෙන් අලි අල්ලා යනුවෙන් විශාල මාධ්‍ය රංගනයක නිරත වෙමින් ඔහු හා ඔහුගේ ගෝල බාලයන් , රාජ්‍යනොවන සංවිධාන, ඊනියා පරිසර සංවිධාන සමග එක්ව මෙරට පෙරහැර කරන අලි ඇතුන් 115 න් 38 ක් අත්අඩංගුවට ගත්හ.
ශ්‍යාමෝපාලි වංශික අස්ගිරි පාර්ශවයේ අතිගරු අනුනායක ආනමඩුවේ ධම්මදස්සී හිමිපානන්, අමරපුර මහා නිකායේ සිරි සුමන පාර්ශවයේ අතිගරු මහා නායක කොලොන්නාවේ සුමංගල මහනායක ස්වාමීන්වහන්සේ, තිස්සමහාරාමධිපති දේවාලේගම ධම්මදින්න අනුනායකහිමි,බෞද්ධයා නාලිකා පුධානි ධරනාගම කුසලදම්ම හිමිපානෝ, මහරගම විපශ්‍යාරාමාධිපති බ්‍රහක්මනගම රතනසිරි අනුනායක හිමි, අස්ගිිරි මහා විහාරයේ තුඹුල්ලේ ශිලක්කන්ද හිමි ඇතුලු කීර්තිමත් ප්‍රධාන විහාරස්ථාන වල සුප්‍රසිද්ධ නායක හිමිවරුන් හා විහාර හා දේවාලවලට සම්බන්ධ නිලමේවරුන් ,කපුමහතුන් ඇතුලු පාරම්පරික අලි ඇතුන් හිමි බෞද්ධ ප්‍රභූන්ට විරුද්ධව විවිධ අධිකරන වල නඩු පැවරීය.
( මේ හැර උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ විහාරයට අලි පැටියෙකු දමා උන්වහන්සේ අත්අඩංගුවට ගත් අතර අධිකරණයෙන් උන්වහන්සේ නිදහස් විය )
පසුගිය රජයේ ඇතැම් ඇමතිවරුන් හා එන්.ජී.ඹ්. කරුවන් විදෙස් රටවලින් ඩොලර් කෝටි ගණන් ලබාගනිමින් සිදු කරන ලද අලි රංගනය දෙවැනි වන්නේ රාජිතගේ කිඹුල් රංගනයට පමනක් බව මේවන විට අනාවරණය වෙමින් පවතී. මෙම සියලු අලි ඇතුන් නියමිත පරිදි ලියාපදිංචි කර බලපත් ලබාගෙන ඇති අතර බලපත් වල අඩුපාඩු මත අත්අඩංගුවට ගෙන ඇත.
පාරම්පරික අලි හිමියෙකුවන එස්.රොෂාන් මහතාට විරුද්ධව අලි පොත හොරකම් කර අලි ඇතුන් තබාගත්තා යනුවෙන් චෝදනා කර විශේෂ ත්‍රිපුද්ගල අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් පසු නිදහස් වන්නේ මෙම චෝදනා විමර්ශයට එම අධිකරණයට බලය නොමැති වීමෙනි.
එසේම නැවත වරක් ඒ මහතා කොළඹ ත්‍රිපුද්ගල අධිකරනයට ඉදිරිපත් කර මේවන විට නඩුව විභාගවෙමින් පවතී.
පසුගිය දෙසැම්බර් 16 වන දින පවත්වන ලද නඩු විභාගයේදී වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේතුවේ අධ්‍යක්ෂ වරයා සාක්ෂි දෙමින් ප්‍රකාශ කර සිටියේ අලි පොත නැතිනම් අලි ඇතුන් ලියාපදිංච් කිරීමේ ලේකනය නැතිවීමක් හෝ අස්ථාන ගතවීමක් සිදුනොවු බවයි.එසේම එකි ලේඛනය ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදුකරන ලදි.
ඒ අනුව පැහැදිලි වන්නේ විජයමුණි සොයිසා ඇමතිවරයාගේ අලි පොත නැතිවීමද තවත් රංගනයක් බවයි.මෙම රංගනය ද සුවිස් නාටකය සේම මෙරට අපකිරීතියට පත්කරමින් පදනම් විරහිත අභුත චෝදනා නගමින් මහා සංඝයා වන්සේ හා බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමේ කුමන්ත්‍රනයනක ප්‍රතිඵලක් බවයි.
– හීලැ අලි ඇතුන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
Tuesday, December 17, 2019
සුදු වෑන් කිඹුල් නාටකය පරදන අප්පච්චි මලෝගේ නාටකයක් හෙලිවෙයි
Tags
# ප්‍රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්‍රවෘත්ති
Labels:
ප්‍රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment