‘‘අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් වයස අවුරුදු දෙකයි මාස හයක කිරිකැටියෙකුට මව අහිමි වුණා. ආදරණීය ස්වාමියෙකුට බිරිඳ අහිමි වුණා. අසල් වැසියන්ට සොහොයුරියක් අහිමි වුණා. දෙවියන් ලෙසින් පුද ලබන දේවත්වයට එහා ගිය සේවාවක් සිදුකරන වෛද්‍යවෘතිකයින්ගේ සේවාව නොසැලකිළිමත්කමින් සිදු කරන වෛද්‍යවරුන් නිසා මේ වන විට ජීවිත දහස් ගනනක් අමු අමුවේ බිලි ගනිමින් සිටිනවා’’ යැයි පදවිය ජනතාව පවසති.
උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත‍්‍රිකයේ දුෂ්කර, මායිම් ගම්මානයක් වූ පදවිය ගම්මානයේ ජීවත් වූ එච්.ඒ. දිනේෂිකා ප‍්‍රියදර්ශනී හෙට්ටිආරච්චි නැමැති 27 හැවිරිදි මව හට මේ ලෝ තලයේ අවසන් හුස්ම හෙලීමට පසුගිය (10) වෙනි දින සිදු විය. එසේ සිදු වූයේ මිහි මත දෙවියන් ලෙස හැඳින්වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම නිසාවෙනි. ඇය විවාහක කාන්තාවකි. දිනේෂිකා හට දරුවන් දෙදෙනෙක් සිටි අතර පළමු ගැහැණු දරුවා හට අවුරුදු 05 ක් සහ දෙවන පිරිමි දරුවාට අවුරුදු දෙකාහමාරකි. ස්වාමියා ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කළ අතර මෙම පුංචි පවුල ඉතාමත් සතුටින් කාලය ගත කළේය. මේ එම කූඩුවට සැඩ සුලඟක් හමා ආ අමිහිරි කතාව පදවිය එම්. සුගත් බිසෝකොවුව මහතා පැවසූ ආකාරයයි,
‘‘එච්.ඒ. දිනේෂිකා ප‍්‍රියදර්ශනී හෙට්ටිආරච්චි දියණිය හදිසියේම උණ රෝගය වැළඳී පදවිය රෝහලට ඇතුලත් කළා මීට සති දෙකකට පෙර. අවම පහසුකම් ඇති පදවිය රෝහලෙන් මේ රෝගියාව පරීක්ෂා කර බලා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යැව්වා ලේ පරීක්ෂාවක් සඳහා. එක දිගටම උණ තිබුණු නිසා. අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දින දෙකක් යනතුරු කිසිම පරීක්ෂණයක් බෙහෙතක් සිදු නොකර සේලයින් පමණක් දීලා දිනේෂිකා දියණියගේ ටිකට් කපා ගෙදර එවා තිබුණා. ගෙදර ඇවිත් දවසක් යන්නට මත්තෙන් නැවතත් දිනේෂිකා දියණිය පදවිය රෝහලට ඇතුලත් කළා. පදවිය රෝහලේ නිසි අයුරින් රාජකාරිය කළ වෛද්‍යවරුන් නැවතත් රෝගියා තිබූ පහසුකම් මත පරීක්ෂණ සිදු කර නැවතත් වැඩිදුර පරීක්ෂණ සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කළා. පදවියෙන් අනුරධපුර රෝහලට p15 2යැවූ ටිකට් එකේම මේ රෝගියාගේ රෝගී තත්ත්වය පිළිබඳ සටහනක්ද පදවිය වෛද්‍යවරුන් මේ අවස්ථාවේ දමලයි රෝගියා නැවත අනුරාධපුරයට යැව්වේ. දෙවැනිවතාවටත් අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් එම කිසිවක් නොබලා දුවගේ ටිකට් කපා තිබුණා. මේ අයුරින්ම තුන්වන වතාවටත් නැවත පදවිය රෝහලේ දිනේෂිකාව නැවැත්තුවා. එවිට පදවිය වෛද්‍යවරුන් පවා පුදුමයට පත් වුණා. මෙච්චර අසාධ්‍ය තත්ත්වයක සිටියදී අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් මෙම රෝගියා පරීක්ෂා කර ප‍්‍රතිකාර නොකිරීම පිළිබඳ . තුන්වන දවසත් වෙනදා මෙන් පදවිය වෛද්‍ය වරයා මේ රෝගියා පරීක්ෂා කර බලා අසාධ්‍ය තත්ත්වය තේරුම් ගෙන වෛද්‍යවරයාද ගිලන්රථයට නැග මේ රෝගියාව රැුගෙන අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත පැමිණියා. අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව දැරියගේ තත්ත්වය පදවිය වෛද්‍යවරයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් හට පහදා දුන්නා. නමුත් දැරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම නිසා ඒ වන විටත් මේ ලෝකයෙන් සමුගෙන හමාරයි. මෙවන් විපතක් තවත් ජීවිතයකට දෙන්න එපා කියා මම වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම නිසා අද අපට මේ දුව අහිමි වුණා.මේ මරණයට වෛද්‍ය වරුන් වග කිව යුතුයි.’’
මැදවච්චිය - ගයාන්
-දිවයින පුවත්පත.
Tuesday, December 17, 2019
අනුරාධපුර වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම දෙදරු මවට මරු කැඳවයි.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment