ටෙලිකොම් සිරිසේන තවත් කෙලියක.. ජනපති අන නොතකයි.. බිලියනයක් අවභාවිතයේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 17, 2019

ටෙලිකොම් සිරිසේන තවත් කෙලියක.. ජනපති අන නොතකයි.. බිලියනයක් අවභාවිතයේ !

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට  රුපියල් මිලියන  දහසක පාඩුවක් සිදුකරමින් හදිසියේම 4G LT දුරකථන ලක්ෂ දෙකක් මිලදී ගැනීම සඳහා එහි සභාපති කුමාරසිංහ සිරිසේන ගේ නියෝග පරිදි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් චීන සමාගමකට රහසිගත ඇනවුමක් ලබාදී ඇතැයි ටෙලිකොම් වෘත්තීය සමිති චෝදනා කරයි.

චීනයේ සෙන්සෙන්  ටොසෙඩ් ටෙක්නොලොජි සමාගමෙන් මෙම  4G LT දුරකථන ලක්ෂ දෙක මිලදී ගැනීමට ඇනවුම් ලබාදී  තිබේ. මෙම සමාගමෙන් මීට පෙර මිලදී ගත් මෙම වර්ගයේ දුරකථන පනස් දහසෙන් විසිපන්දහසක් පමණ විවිධ දෝෂ නිසා පාරිභෝගිකයන් විසින් ආපසු ටෙලිකොම් ආයතනයට භාරදී තිබේ.එහෙත් අදාල සැපයුම්කරු අසාදු ලේඛන ගත කරන්නට ටෙලිකොම් බලධාරීන් කටයුතු කර නැත. එසේ තිබියදී තවත් දුරකථන ලක්ෂ දෙකක් එම සමාගමටම ලබාදීම බරපතල දුෂණයක් බව ටෙලිකොම් සේවකයෝ පෙන්වා දෙති. F/007/2018 ටෙන්ඩරය යටතේ මෙම මිලදී ගැනීම සිදු කර තිබේ.

අදාල දුරකථන වල LCD අකුරු නොපෙනීම , RING TONE නොඇසීම , SIGNAL  නිසි පරිදි නොලැබීම, බැටරි ආයු කාලය අවමවීම  ආදී දෝෂ නිසා පාරිභෝගිකයෝ දහස් ගනනක්  මේවා ආපසු ටෙලිකොම් ආයතනය වෙත භාරදී තිබේ.

නව රජය විසින්  කුමාරසිංහ  සිරිසේන ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති තනතුරින් ඉවත්කර  රාජ්‍ය දැව සංස්ථාවට පත් කරනු ලැබ ඇතත් ඔහු එම තනතුරේ දිගින් දිගටම බලහත්කාරයෙන් රැදී සිටී.මේ වන විට ශ්‍රීලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයද තනතුරු වලින් ඉල්ලා අස්වී ඇති  අතර අධ්‍යක්ෂ මණ්ඩලයේ  කිසිදු අනුමැතියකින් තොරව සිරිසේන මහතා තම හිතවතකුගේ සමාගමකින් මෙම මිලදී ගැනීම සිදු කර ඇත. අදාල මිලදී ගැනීමේ කටයුතු පෙර දිනයක් යොදා  සිදු කරන ලෙස මොහු අදාල නිලධාරීන්ට නියෝග කර තිබේ.

ආණ්ඩු පෙරළියට සති කීපයකට පෙර ටෙලිකොම් සභාපතිවරයා ස්පාඤ්ඤයේදී අදාල සමාගමේ නියෝජිතයන් හමුවී ඇතැයිද පැවසේ.

මේ සමබන්ධයෙන් ටෙලිකොම් වෘත්තීය සමිති අල්ලස් කොමිසමටද පැමිණිලි කිරීමට නියමිතය.

– FB


No comments:

Post a Comment

Post Bottom Ad