සජිත් ජනාධිපතිවරණය දින්නා නම් ලංකා බැංකුව හෝ මහජන බැංකුව කඩන සැලසුමක් ? - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 18, 2019

සජිත් ජනාධිපතිවරණය දින්නා නම් ලංකා බැංකුව හෝ මහජන බැංකුව කඩන සැලසුමක් ?

ක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ වැදුණු සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් ජය ගත්තේ නම් ඉතා කෙටි කලක් ඇතුළත රුපියල් කෝටි 26ක මුදලක් මංකොල්ලකෑමට සූදානමක් තිබුණේ දැයි සැක මතුවන බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණ පරාජයෙන් පසු මාසයක පමණ කාලයක් දුරකතනය ක්‍රියාවිරහිත කරගෙන සිටියේ කෝටි 26 ක මුදලක ණයකරුවන් ඒවා ඉල්ලන නිසා යයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීම හේතුවෙන් මෙම සැකය උපදින බව ද ඔහු කියා සිටියේය.

ජනාධිපතිවරණයෙන් ජය ගත්තේ නම් එම මුදල ගෙවීමට සූදානම්ව සිටි බව එම ප්‍රකාශයෙන් ගම්‍ය වන බව පැවසූ ඔහු ජනාධිපතිවරයාගේ මාසයක වැටුප ඉතා අඩු වැටුපක් බවත් කෝටි 26ක් කෙටි කලක් තුළ ගෙවන්නේ කෙසේදැයි ප‍්‍රශ්ණයක් පැන නගින බවත් මුසම්මිල් මහතා පැවසීය.

මේසා විශාල මුදලක් කෙටි කලක් තුළ ගෙවීමට නම් බැංකුවක් කොල්ල කෑමක්වත් කල යුතු නමුත් යහපාලන ආණ්ඩුවෙන් මහ බැංකුව කොල්ල කෑ නිසා සජිත් ප්‍රේමදාස මහතා ජය ගත්තේ නම් කොල්ලයෑමට නියමිතව තිබුණේ මහජන බැංකුව ලංකා බැංකුව විය හැකි බවද ඔහු කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad