ශ‍්‍රීයාලතා පෙරේදාත් පච කී බව හෙලි වේ.. කට උත්තර නැති වී CID මගහරී.. CID නීති උපදෙස් පතයි.. වසර 2-7 දක්වා හිරේ වැටෙන ලකුණු - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 11, 2019

ශ‍්‍රීයාලතා පෙරේදාත් පච කී බව හෙලි වේ.. කට උත්තර නැති වී CID මගහරී.. CID නීති උපදෙස් පතයි.. වසර 2-7 දක්වා හිරේ වැටෙන ලකුණු

පැහැරගෙන ගමකට ලක්වූ බව කියන කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමතියට ඊයේ දිනයේදීද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දැනුම්දී තිබුණද ඇය ඒ හමුවේ ඊයේ පෙනී සිට නැත.

ඇය අවසාන වතාවටත් ලබාදෙන ලද ප්‍රකාශයේද ප්‍රකාශිත බොහෝ කරුණු අසත්‍ය බව හෙළිවීම නිසා ඇයට ඊයේ දිනයේදීද පෙනී සිටින ලෙස දැනුම් දී තිබිණි.

නමුත් ඊයේ පොහොය දිනයක් බැවින් නීතිඥවරුන්ගේ සහාය ලබා ගැනීමේ අපහසුතාවයක් මත පෙනී සිටි නොහැකි බව ඇය දැනුම් දී තිබුණ ද රහස් පොලිසිය ඊට එකඟතාවය පළකර නැත.

මේ අතර ඇය සිදු කරන ලද ප්‍රකාශයන් අසත්‍යයක් නම් මෙරට දණ්ඩ නීති සංග්‍රහය අනුව වසර 02 සිට 07 දක්වා වූ සිර දඬුවමක් ලබාදීමට හැකියාව ඇතැයි ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා සඳහන් කරයි.

එමෙන්ම එවන් ප්‍රකාශයක් සිදු කිරීමට ඇයට අනුබල දුන් අයටද දඬුවම් පැමිණීමට හැකියාව ඇතැයි ද ඔහු පවසයි.

ඇය ලබා දී ඇති ප්‍රකාශය අසත්‍ය යැයි හෙළි වුවහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් නීතිපති උපදෙස් ලබාගෙන ඇයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බව ද නීතිඥවරයා තවදුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad