රාජිතගේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පලකළ දෙදෙනා CID භාරයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 13, 2019

රාජිතගේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පලකළ දෙදෙනා CID භාරයට



පැහැර ගැනීමේ සිද්ධි සම්බන්ධයෙන්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සමග ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පලකළ පුද්ගලයින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහර ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙන්නේ..

ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔවුන් පැවසුවේ සුදු වෑන් වලින් ගොස් පුද්ගලයින් පැහැර ගැනිම සඳහා රියදුරෙකු ලෙස දායක වූ අතර අනෙක් පුද්ගලයා පවසා සිටියේ එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයේ සිට රත්‍රං තොඟයක් ප්‍රවාහනය කිරිමට තමා දායක වූ බවයි.

 සිදු කළ පරික්ෂණවලින් අනතුරුව අදාල පුද්ගලයින් දෙදෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.




No comments:

Post a Comment

Post Bottom Ad