බැරිස්ටර් ශ‍්‍රීයාලතා පැවසූ ස්ථාන දෙකේදීම පැහැරගැනීමක් සිදුව නෑ,CCTV සාක්‍ෂියි,රහස් පොලීසිය අධිකරණයට දන්වයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 13, 2019

බැරිස්ටර් ශ‍්‍රීයාලතා පැවසූ ස්ථාන දෙකේදීම පැහැරගැනීමක් සිදුව නෑ,CCTV සාක්‍ෂියි,රහස් පොලීසිය අධිකරණයට දන්වයි.

                                
කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික සේවිකා ගානියා බැරිස්ටර් ශ‍්‍රියාලතා පැහැර ගත්තේ යැයි පවසන ලද ස්ථානයන් දෙකම සම්බන්ධයෙන් පරීක්ෂාකර බැලූ බව රහස් පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත.

එම ස්ථාන දෙකෙහිම කැමරා දර්ශන හා වෙනත් සාක්‍ෂි අනුව එවන් සිදුවීමක් සිදුව නැතැද රහස් පොලීසිය සදහන් කර ඇත.

ස්විස් තානාපති කාර්යාලයේ මුල් පැමිණිල්ල අනුව කොළඹ කුරුඳුවත්තේ ශාන්ත බ්‍රිජෙට් කන්‍යාරාමය අසළදී පැහැර ගැනීම සිදු වූ බව සඳහන් කළ ද ආසන්න කැමරා දර්ශනවල පැහැර ගැනීමක් නැති බවද පොලිසිය සඳහන් කරයි.

සේවිකාව විසින් රහස් පොලිසියට දුන් ප‍්‍රකාශයේදී සදහන් කළ පරිදි කොළඹ 03 පැල්මයිරා නිවාස සංකීර්ණයේදී එවන් සිදුවීමක් සිදුවූ බව පැවසුවද මේ දක්වා කරන ලද පරීක්ෂණවලදී එවන් සිදුවීමක් ගැන කිසිදු තොරතුරක් නැති බවද පොලිසිය සඳහන් කර ඇත.

මේ තත්ත්වය මත ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා රහස් පොලිසිය විසින් නීතිපතිවරයාගේ උපදෙස් පතා ඇති අතර පරීක්ෂණ කටයුතු තවදුරටත් ඉදිරියට සිදු කරන බවද අධිකරණය හමුවේ දැන්විය.
-lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad