කෝල් රෙකෝඩින් කරන ඇප් එක තහනම් කරන්න – මහාචාර්ය පුජ්‍ය කොටපිටියේ රාහුල හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 20, 2020

කෝල් රෙකෝඩින් කරන ඇප් එක තහනම් කරන්න – මහාචාර්ය පුජ්‍ය කොටපිටියේ රාහුල හිමි

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් මහතාගේ දුරකථන සංවාද හඬපට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරවීමත් සමග ඒ සම්බන්ධයෙන් සියලු දෙනා පාහේ තම අදහස් දැක්වූවා.

මහාචාර්ය පුජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා. උන්වහන්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින්නේ දුරකතන සංවාද පටිගත කෙරෙන ඇප් (APP)තහනම් කරන ලෙසයි.
ආරක්ෂක කටයුත්තක සඳහා භාවිතා කිරීම හැරුණු කොට ගෙන මෙම ඇප් තහනමට ලක් විය යුතු බවයි උන්වහන්සේ අවධාරණය කළේ.

එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද පැවසුවේ, නුසුදුස්සන් දේශපාලනය සඳහා පත් නොකළ යුතු බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad