මැනිං මාර්කට් එකේ කළුකඩ බෑ! එළවළුවලට පාලන තොග මිලක්! අමු මිරිස් රු. 200යි… කැරට් 150යි… ලීක්ස් 100යි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 26, 2020

මැනිං මාර්කට් එකේ කළුකඩ බෑ! එළවළුවලට පාලන තොග මිලක්! අමු මිරිස් රු. 200යි… කැරට් 150යි… ලීක්ස් 100යි !

මැනිං වෙළෙඳපොළේ වැඩි මිලට එළවළු විකුණන වෙළෙඳුන් කිහිප දෙනකු නිසා ඊයේ (26) උදෑසන අර්බුදකාරී තත්ත්වයක් මතු වූ අතර එම අවස්ථාවේ එතැනට පැමිණි පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මැනිං වෙළෙඳ සංගමය එක්ව පාලන මිලක් හඳුන්වා දෙනු ලැබීය.

එහිදී අමුමිරිස් කිලෝවක් රුපියල් 200, කැරට්, මාළුමිරිස් රුපියල් 150, ලීක්ස්, බෝංචි, ගෝවා, තක්කාලි, වම්බටු, කරවිල, ලූනුගස් රුපියල් 100, බීට්, බනානා, රුපියල් 80, වට්ටක්කා, අළුකෙසෙල්, පතෝල, රුපියල් 70, නෝකෝල්, පිපිඤ්ඤා රුපියල් 50ක තොග මිලකට අලෙවි කරන ලෙස නියම කෙරිණි.

එළවළු මිල දර්ශනය භාණ්ඩ ඉදිරියේ තබන ලෙසත් වැඩි මිලට එළවළු විකුණන වෙළෙඳුන්ගේ වෙළෙඳ බලපත්‍රය අහෝසි කිරීමට පියවර ගන්නා බවද සභාපතිවරයා අවධාරණය කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad