ගත වූ පැය විසි හතර හමු වූ රෝගීන් 08 දෙනා සමඟ සමස්ථ කොරෝනා ආසාදිත රෝගීන් ගණන 198ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සෞඛ්‍ය අංශ සැක පලකරන්නේ, ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ රෝගීන් හය දෙනාට රෝගය වැළඳී ඇත්තේ එකම දුම්වැටි පානය කිරීමෙන් බවයි.
ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේදී සොයාගැනුණු කොවිඩ් නයින්ටීන් රෝගීන් 6 දෙනා ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන්.
ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසන්නේ, එම පුද්ගලයින්, පසුගියදා සුදුවැල්ල ප්‍රදේශයේදී හොර පොල් කැඩීමට ගොස් හසුවූ පුද්ගලයා සමග එකම දුම්වැටිය බෙදාගෙන පානය කර ඇති බවට අනාවරණ වී ඇති බවයි.
අදාළ පුද්ගලයා කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු බවට පසුව අනාවරණ විය.
පසුව බුද්ධි අංශ දියත් කළ මෙහෙයුමකදී ඔහු සමඟ සෘජු සබඳතා පැවැත් වූ පුද්ගලයින් 28 දෙනකු ඕලුවිල් නිරෝධාන මධ්‍යස්ථානයක් වෙත යොමුකිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළේය.
ඒ සුදුවැල්ල ශාන්ත මරියා දේවස්ථාන පරිශ්‍රෙයේදී සිදුකළ PCR පරීක්ෂණයකින් පසුවයි.
ඒ අනුව 11 දිනයේදී ඔවුන්ගේ වාර්තා නිකුත් වූ අතර එහිදී අනාවරණ වුණේ ඉන් පස්දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි.
අනතුරුව නාවික හමුදාව විසින් ඔහුන් පිරිස රෝහල්ගත කිරීමට කටයුතු කළේය.
එමෙන්ම පළමු ආසාදිතයාගේ බිරිඳට ද වෛරසය අසාදානය වී ඇති බව මේවන විට තහවුරු වී තිබේ.
ඒ අනුව ඇයව සහ මාස 07 වයසැති ඇයගේ දරුවා ද අද දින රෝහල් ගත කළේය.
එවන් පසුබිමක පවුල් 300ක් පමණ පුද්ගලයින් දහසක් පමණ පදිංචිවව සිටින ජා ඇල සුදුවැල්ල ප්‍රදේශය පසුගියදා සම්පූර්ණයෙන්ම හුදෙකලා කළේය.
ඒ අනුව අදාල පිරිස සමඟ ළඟින් ආශ්‍රය කළ තවත් පුද්ගයින් පිරිසකගේ පී සී ආර් පරීක්ෂණ අද සිදුකෙරුණි.
ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයේදී මෙම පරීක්ෂණය සිදුකෙරුණු අතර මොවුන් පිරිස සුදුවැල්ල, පාරිස් පෙරේරා මාවත , කළුපාලම සහා මාකෙවිට යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
අනතුරුව පොලිසිය හා නාවික හමුදාව එක්ව පනහකට අධික මෙම පිරිස නිරෝධායනය සඳහා ඔළුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට අද යොමු කළේය.
සෞඛ්‍ය අංශ පවසන්නේ, මෙම පිරිස ප්‍රදේශයේ බොහෝ තැන්වල ඇවිද ගොස් ඇති බවයි.
එමෙන්ම ජා ඇළ පළමු ආසාදිතයාට මරදාන ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ සැක කරයි.
– adaderana
Saturday, April 11, 2020
එකම සිගරැුට්ටුව බිවු 06කට කොරෝනා..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment