මහින්දානන්දගේ 2011 ලෝක කුසලානය පාවාදීමේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඇරඹේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 19, 2020

මහින්දානන්දගේ 2011 ලෝක කුසලානය පාවාදීමේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඇරඹේ !

රග පාවාදීමක් සම්බන්ධයෙන් හිටපු ක‍්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය පිළිබද ක‍්‍රීඩා අමාත්‍යංශය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ ක‍්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුගේ උපදෙස් අනුව ක‍්‍රීඩා වැරදි වැළැක්වීම සදහා ක‍්‍රීඩා අමාත්‍යංශය මගින් ස්තාපිත විශේෂ විමර්ශන ඒකකය මගින් මෙම පරීක්ෂණය සිදු කරන බව ක‍්‍රිඩා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩි . එස්. රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේය.

එම විශේෂ විමර්ශන ඒකකයට පොලිස් නිලධාරීන් ද ඇතුළත් අතර ඉදිරියේදී මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්තමගේ, ගෙන් එම ඒකකය ප‍්‍රකාශයක් ලබාගනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස ද ට්ටවිටර් සටහනක් තබමින් අදහස් පළ කර තිබෙනවා. ඔහු එහි දක්වා ඇත්තේ දේශපාලන අරමුණු වෙනුවෙන් ක‍්‍රීඩකයින්ට චෝදනා එල්ල කරන බවයි.

ක‍්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදහස් දක්වමින් කියා සිටියේ 2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය ශ‍්‍රී ලංකාව පාවා දුන් බවට හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, ගේ ප‍්‍රකාශය බරපතල ප‍්‍රකාශයක් බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad