හෙට (13) සිට ජුලි 17 සිකුරාදා දක්වා දිවයින පුරා සියලු පාසල් වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ අධ්‍යාපන බලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
ඒ අනුව, සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල මාර්ගෝපදේශයන් ද සැලකිල්ලට ගෙන පාසල් ක්ෂේත්‍රය තුළ ඇතිවිය හැකි අයහපත් තත්ත්වයන් නිරීක්ෂණයට භාජනය කිරීම සඳහා එක් සතියක්, දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කරන ලදි.
මෙම තීරණය, සියලුම පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් සහ උපකාරක පන්ති විසින් ද අනුගමනය කරනු ඇතැයි, අධ්‍යාපන අමාත්‍යාංශය අපේක්ෂා කර සිටී.
එසේ වුවද, තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් අදාළ දිනවල විවෘත කර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ රාජකාරී කටයුතු යථා පරිදි පවත්වා ගෙන යාම විදුහල්පතිවරුන්ගේ වගකීම බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය වැඩිදුරටත් සඳහන් කරයි.
Sunday, July 12, 2020

හෙට සිට 17 දක්වා දිවයින පුරා පාසල් වසා දැමේ
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment