කොරෝනා ආසාදිතයින් 90ක් හඳුනාගනී - විගස පුවත් - Vigasapuwath

Sunday, July 12, 2020

කොරෝනා ආසාදිතයින් 90ක් හඳුනාගනී

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 90 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කළ 76 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවත්, සෙසු 14 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2605කි.

තවත් ආසාදිතයින් 613 දෙනෙකු මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් පසුවේ.

මේ අතර තවත් කොවිඩ් -19 ආසාදිතයෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනූව වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සංඛ්‍යාව 1981 දක්වා ඉහළ ගොස් තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *