මෙරට ඉතිහාසයේ පළමු වරට කොවිඩ් 19 ආසාදනයවී සිටි ගර්භනී කාන්තාවක් දරුවෙකු ප්‍රසුත කර තිබෙනවා. ඒ නැගෙනහිර කොළඹ රෝහලේදී. මෙම ශල්‍යකර්මය සඳහා වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය 35 දෙනෙකු සහභාගිවූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඩුබායි සිට පසුගිය මස 10 වෙනිදා මෙරටට පැමිණි මෙම ගර්භනී කාන්තාව නිරෝධායනය සඳහා යොමු කොට තිබුණේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයටයි. එහිදී පසුගිය මස 21 වෙනිදා මෙම කාන්තාවට සිදුකළ PCR පරීක්ෂණයකදී ඇයට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
පසුව වෛද්‍යවරුන් විසින් මෙම ගර්භනී කාන්තාව නැගෙනහිර කොළඹ රෝහලේ පිහිටි කොවිඩ් ආසාදිත ගර්භනී කාන්තාවන් සඳහා වෙන් කොට ඇති විශේෂ ඒකකයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙම කාන්තාව පසුගිය 23 වෙනිදා එම නැගෙනහිර කොළඹ රෝහලට ඇතුලත් කරනු ලැබූ අතර ඊයේ දිනයේදී එම කාන්තාව දරුවා ප්‍රසුත කිරීමට සුදානම්ව තිබෙන බවයි වෛද්‍යවරුන් සඳහන් කරන්නේ.
කොරෝනා වෛරසය ආසාදනය වී සිටි මෙම කාන්තාවගේ දරු ප්‍රසුතය සාමාන්‍ය එක්ක නොවන බැවින් පරිසරයට වෛරසය මුදාහැරිම අවම කිරීම සඳහා විශේෂ ආකාරයේ සිසේරියන් ශල්‍යකර්මයක් සිදුකිරීමට වෛද්‍යවරුන් ඇතුළු 35 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ඊට එක්ව සිටියා. ඒ අතර ක්‍ෂුද්‍ර ජීවි වෛද්‍යවරුන් ද ඊට එක්ව සිටිය බවයි නැගෙනහිර කොළඹ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න සඳහන් කළේ.
මෙම ශල්‍යකර්මය මගින් බිහිකළ දරුවා සහ මව මේ වන විට නිරෝගීව සිටින බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.
මෙම දරුවාටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න පරික්ෂා කර බැලීම සඳහා දරුවාගේ සාම්පල් PCR පරික්ෂණයන් සඳහා යොමු කොට ඇති බවයි රෝහල් වෛද්‍යවරුන් සඳහන් කළේ.
Sunday, August 2, 2020

මෙරට ඉතිහාසයේ පළමු වරට කොවිඩ් ආසාදිත ගර්භනී කාන්තාවක් දරුවෙකු ප්‍රසුත කරයි
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment