විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඡන්දය විමසීම වගන්තියෙන් වගන්තිය ගෙන වෙන වෙනම සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
එහිදී ව්‍යවස්ථා සංශෝධනය ගැන විකල්ප මත දරන්නන්ට සංශෝධන ඉදිරිපත් කර සම්මත කරගත හැකි බව පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම සංශෝධනය ගැන සාකච්ඡා වූ මොහොතේ වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් යම් යම් වගන්ති ගැන විකල්ප මත ඉදිරිපත් කර තිබේ.
එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී දැඩිව ප්‍රකාශ කර ඇත්තේ තමන් ජනපතිවරණයේදී 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බවට ජනතාවට ප්‍රතිඥා දුන් නිසා පළමුව එය අහෝසි කොට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බවය.
අවශ්‍ය සංශෝධන වෙතොත් කාරක සභා අවස්ථාවේදී සලකා බලමු යැයිද ජනාධිපතිවරයා කියා තිබේ.
ඒ අනුව දැන් ඉදිරි කටයුතු සම්පාදනය වෙමින් පවතින අතර ලබන 22දා 20 වැනි සංශෝධනය මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments:
Post a Comment