භූගත දුරකථන රැහැන් කපා සොරකම් කළ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 13, 2020

භූගත දුරකථන රැහැන් කපා සොරකම් කළ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට


තඹ ලබා ගැනීමේ අරමුණින් බියගම ප්‍රදේශයේ දී දුරකථන රැහැන් කපා සොරකම් කළ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර යුද හමුදා සෙබලුන් දෙදෙනෙකු ද සිටින බවයි පොලිසිය පැවසුවේ.


දුරකථන සමාගමක් විසින් භූගතව අදින දුරකථන රැහැන් සැකකරුවන් විසින් මෙලෙස කපා සොරකම් කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.


රාත්‍රී කාලයේ මොවුන් මෙම සොරකම සිදුකර ඇති අතර මෙලෙස සොරකම් කරන ලද දුරකථන රැහැන් වල වටිනාකම රුපියල් ලක්ෂ 06ට අධික බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

No comments:

Post a Comment

Post Bottom Ad