යහපාලන අය බද්ද ජනවාරියේ සිට අහෝසි - ණය ආපසු ගෙවීමේදී වාරිකය අඩුවෙයි ? - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 13, 2020

යහපාලන අය බද්ද ජනවාරියේ සිට අහෝසි - ණය ආපසු ගෙවීමේදී වාරිකය අඩුවෙයි ?

යහපාලන ආණ්ඩුව විසින් 2018 වසරේදී ගෙන ආ ‘ණය ආපසු ගෙවීමේ අය බද්ද’ අහෝසි කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 7% ක ණය බද්ද මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදායින් පසුව අය නොකෙරේ.
සපයනු ලබන මූල්‍ය සේවාවන් මත සෑම මූල්‍ය ආයතනයක් විසින්ම 7% ක ණය ආපසු ගෙවීමේ අය බද්දකට යටත් කරමින් පැවැති ආණ්ඩුව විසින් 2018 අංක 35 දරන මුදල් පනත සම්මත කර ගනු ලැබුවා.

එකී පනතට අනුව 2021 දෙසැම්බර් 31 වැනි දිනය දක්වා අදාළ මූල්‍ය ආයතන විසින් මෙම අය බද්ද ගෙවිය යුතුයි.

එහෙත් මුදල් ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂගේ නියමය පරිදි පසුගිය 07 වැනිදා නිකුත් කරන ලද මුදල් සංශෝධන පනත් කෙටුම්පත මගින් ‘ණය ආපසු ගෙවීමේ අය බද්ද’ මෙම වසරේ දෙසැම්බර් 31 වැනි දිනෙන් පසුව අවසන් වන බවට සංශෝධනයක් කර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad