කොරෝනා එන්නත් ලක්‍ෂ 40ක් ලංකාවට.. මුලින්ම දෙන පිරිස මෙන්න.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 15, 2020

කොරෝනා එන්නත් ලක්‍ෂ 40ක් ලංකාවට.. මුලින්ම දෙන පිරිස මෙන්න..

කොරෝනා වයිරසය සඳහා වූ එන්නත ශ්‍රී ලංකාවේ ලක්ෂ 40 ක පිරිසකට ලබා දීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් සූදානම්ව සිටී. ඒ සඳහා වියදම රුපියල් බිලියන 10 ක මුදලක් වැයවන බව දැනට ඇස්තමේන්තු ගත කර ඇත.

කොළඹ පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කරන්නේ මෙම එන්නත ලබන වසරේ මැයි මාසයේදී පමණ ලැබීමට නියමිත බවයි.

එන්නතක මිල ඇමරිකානු ඩොලර් 3.20 පමණ වුණ අතර එක් පුද්ගලයෙකුට මාත්‍රා 2 බැගින් ලබා දීමට නියමිතය.

එන්නත මෙරටට ගෙන්වීමට නියමිතව ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කිරීමෙන් පසු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියට යටත්වය.

එන්නත පළමුව ලබාදීමට නියමිතව ඇත්තේ සෞඛ්‍ය සේවකයන් ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු පිරිසකට ප‍්‍රමුඛතාවය ලබා දෙමිනි.

මෙම එන්නත ගෙන්වීම සඳහා රජයට අමතරව පෞද්ගලික අංශයටද මැදිහත් වීමට අවසර ලබාදීමට අවධානය යොමු වී ඇත.

ලෝකයේ රටවල් රැසක් කොරෝනා එන්නත් පර්යේෂණ ආරම්භ කර ඇති අතර ඒවා මේවන විට තුන්වන අදියරේ පවතී.

No comments:

Post a Comment

Post Bottom Ad