කොළඹ ඉහලම අවදානමේ.. ගෙදරින් එලියට නොයන්නැයි වසංගත රෝග විද්‍යා ප‍්‍රධානී දැනුම් දෙයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 14, 2020

කොළඹ ඉහලම අවදානමේ.. ගෙදරින් එලියට නොයන්නැයි වසංගත රෝග විද්‍යා ප‍්‍රධානී දැනුම් දෙයි..

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙනි කොළඹ මහා නගර සභා සීමාව වැඩිපුරම අවදානමට ලක්ව ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

එමෙන්ම කොළඹ නගර සභා සීමාව අවට නම් අනෙක් ප්‍රදේශයද අවදානමට ලක්ව පවතින බවද ඔහු පෙන්වා දෙයි.

සමස්තයක් ලෙස ගත් විට අනෙක් පළාත්වලට සාපේක්ෂව බස්නාහිර පළාතේ කොරෝනා අවදානම ඉහළ යයි බවද ඔහු පෙන්වා දෙයි.

එනිසා බස්නාහිර පළාතේ වාසය කරන ජනතාව හැකිතාක් තම නිවෙස් වලටම වී සිටින ලෙසත් සංචරන සීමා කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad