අලි සබ්රි වෙනුවෙන් රටේ නීති වෙනස් කරන්න ඔිනෙ නෑ - ජලය හරහාද කොරෝනා බෝවිය හැකියි - මෘත දේහ ආදාහනය කල යුතුමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 14, 2020

අලි සබ්රි වෙනුවෙන් රටේ නීති වෙනස් කරන්න ඔිනෙ නෑ - ජලය හරහාද කොරෝනා බෝවිය හැකියි - මෘත දේහ ආදාහනය කල යුතුමයි


අධිකරණ ඇමැති අලි සබ්රි ඉස්ලාම් භක්තිකයෙකු වූ පලියට රටේ සෞඛ්‍ය නීතිය ඇතුළු නීති වෙනස් කිරීමට ඉඩ ලබා දිය යුතු නැතැයි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ පවසති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදිතව මිය යන කිසිදු පුද්ගලයකුගේ මෘත දේහයන් ආදාහනය කල යුතු බවයි.

රජය මේ අවස්ථාවේදී තීන්දු කළ යුත්තේ මුළු රටේම ජනතාවගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව ගැන නිවැරදි තීන්දුව යයිද හිමියෝ පැවසූහ.

කොරෝනා මෘතදේහයන් භූමදානය කිරීම ඉස්ලාම් ආගමිකයන්ගේ සිරිතක් වුවද කොරොනා වැනි විසබීජ ශරීරගතව මියගිය විට එම මෘත දේහයන් භූමදානය නොකර ආදාහනය කිරීමට එම ආගමික නායකයන් නම්‍යශීලී විය යුතු බව ද උන්වහන්සේ කියා සිටියහ.

විශාල ලෙස උල්පත් ජලය, ලිං ජලය බහුලව භාවිතා කරන ශ්‍රී ලංකාව වැනි අධික ජන ඝනත්වය සහිත රටක මෙවැනි මළ සිරුරු භූමදානය කිරීමෙන් ජලය හරහා විෂබීජ විශාල ලෙස පැතිරී යාමේ අනතුර ඉහළ උන්වහන්සේ පැවසූහ.

No comments:

Post a Comment

Post Bottom Ad